මාත් එක්ක අවුරුදු 20 ක් එහා පුටුවේ වාඩි වෙලා හිටි එකීගේ මගුල අද ය. ඈ අචිනිය. චූටි කාලේ අපි ඈ ඇමතූ නික් නේම් එක අච්චාරුය. පස්සේ ඒක අචී ලෙස ලොප් වී ගියේය. අන්තෝනියේ එකේ ඉදන් අද වෙනකල් ඈත් එක්ක බෙදාගත් මතකයන් බොහෝ ඇත. 🤗🤗 ප්රයිමරියේ පඩි පෙල් දිගේ කුරුමිට්ටෝ
සෙල්ලමද, 6 වසරේදී අපිම හදාගත් පරිසර සංගම්වලින් කුනු ගොඩවල් අස් කිරීම්ද, ෆී පීරියඩ්වල කැන්ටිමේ රුපියල් 5 ට තිබූ වී ඇට පැකට්වලට පොර කෑම්ද, ඕලෙවල් පන්තියේ ඉංගිරිස් පීරියඩ් එක කට් කරන්ඩ ස්වේච්චාවෙන් පොකුනු සුද්ද කරන්ඩ
ගිය එව්වාද එමටය. අපි ස්කූල් වෑන් එකේ🚐 උදේ හවස එන්නේද එකටය. තියෙන ඕපාදූප සේරම කියව කියවා ආව ගිය ඒ කාලෙ හරි
ජොලිය. නිදහස් ය.
අන්තෝනියෙන් උසස් බාලිකාවටද අපි
ආවේ එකටමය. වැඩේ පොඩ්ඩක් අබ්ලික් උනේ එතැනදීය. මං බයෝ ක්ලාස් එකට වැටුන අතර ඈ ඇග්රි එකට වැටුනාය. ඔයින් මෙයින් අපිට මීට් වීමට තිබූ ඉෆෙක්ටිව් ටයිම් එක අඩු
උනද ෆ්රෙන්ඩ්ස් circle එකට ජයනී, නිශාදී ඇන්ඩ් පවිත්රා👧👧👧👧 ඇඩ් උන නිසා ඒකෙ එච්චරම අව්ලක් උනේ නැත. කොහොමත් ෆී උනා නන් එයාලා අපේ
පංතියේය. නැත්නං මං ඒකේය. 🤣🤣🤣🤣🤣🤣
ඒ ලෙවල් මතකවල ජොලිම එව්වා
තිබුනේ නිස්සංක සර්ගේ බයො ක්ලාස් එකෙය. ඒකට කොච්චර ආසාවෙන් ගියාද කීවොත් උපන්තේකට පලවෙනි පෝලිමෙන් එහා පෝලිමක අපි ඉදගත්තේ නැත. 😎. ( ඒකට ගිය ඈයො දන්නවා ඒ ක්ලාස් එකේ තිබ්බ මෙව්වා එක🤪🤪🤪)
. පිසිස් ක්ලාස් එකේදී විතරක් අචිනිව මිස් උන අතර අනික් එව්වා හැම එක්කම ඈ හිටියේ මට එහායින්ය. අවුරුදු 20 ක් ගියද අපිට
තවම අපිව එපා වෙලා නැත. 🤪🤪🤪🤪.
අදටත් ඒ යාලුකම බ්ංදුවක්වත් අඩු වීද නැත. ( පොඩි පොඩි වලි ගිහින් තියෙනවා
ඉතින්, එව්වා කව්ද අප්පා ගනන් ගන්නේ😎 ) 😆😆😆😆.
ඉතින් කොහොමහරි ඈ අද බැන්දාය.
අද උදේ වෙනකල්ම අම්මවයි අප්පච්චිවයි දාලා යන්න බෑ චතූ 😓, මට බදින්න බෑ
බෑ ගෑවත් ඉතින් අන්තිමේ ඈ බැන්දාය. 💍💍🤪🤪🤪🤪.
. ( මොනා උනත් අර තඩි, ලස්සන, හරිම සුවද බොකේ එක 🌸🌼🌷 උස්සන් දවසම හිටියට මනමාලිට වෙනම සම්මානයක් දෙන්ඩ වටිනව ඈඈහ්හ්හ් 😆 ) .
යන්ඩ යන වෙලාවේ අම්මා අප්පච්චී
බදාගෙන ඇඩූ කදුලින් ඈ එලියට ගියාය. අන්තිමේ මේකප් කැලේය. ඒ උනත් ඒ කදුලුවල වටිනාකම
ඊට වැඩිය.😊 අචිනිගේ අම්මා අන්තිමේ අපිව බදාගෙන කීවේ මෙච්චරය. "අනේ පුතේ දැන් හවසට
ගෙදර ගියාම අප්පච්චීයි මායි තනියම" 😓😓😓.
ඉතින්,,,,

No comments:
Post a Comment