Thursday, July 18, 2019

අචිනී ටයිඩ් ද knot 👰❤️



මාත් එක්ක අවුරුදු 20 ක් එහා පුටුවේ වාඩි වෙලා හිටි එකීගේ මගුල අද ය. ඈ අචිනිය. චූටි කාලේ අපි ඈ ඇමතූ නික් නේම් එක අච්චාරුය. පස්සේ ඒක අචී ලෙස ලොප් වී ගියේය. අන්තෝනියේ එකේ ඉදන් අද වෙනකල් ඈත් එක්ක බෙදාගත් මතකයන් බොහෝ ඇත. 🤗🤗 ප්රයිමරියේ පඩි පෙල් දිගේ කුරුමිට්ටෝ සෙල්ලමද, 6 වසරේදී අපිම හදාගත් පරිසර සංගම්වලින් කුනු ගොඩවල් අස් කිරීම්ද, ෆී පීරියඩ්වල කැන්ටිමේ රුපියල් 5 ට තිබූ වී ඇට පැකට්වලට පොර කෑම්ද, ඕලෙවල් පන්තියේ ඉංගිරිස් පීරියඩ් එක කට් කරන්ඩ ස්වේච්චාවෙන් පොකුනු සුද්ද කරන්ඩ ගිය එව්වාද එමටය. අපි ස්කූල් වෑන් එකේ🚐 උදේ හවස එන්නේද එකටය. තියෙන ඕපාදූප සේරම කියව කියවා ආව ගිය ඒ කාලෙ හරි ජොලිය. නිදහස්ය.


අන්තෝනියෙන් උසස් බාලිකාවටද අපි ආවේ එකටමය. වැඩේ පොඩ්ඩක් අබ්ලික් උනේ එතැනදීය. මං බයෝ ක්ලාස් එකට වැටුන අතර ඈ ඇග්රි එකට වැටුනාය. ඔයින් මෙයින් අපිට මීට් වීමට තිබූ ඉෆෙක්ටිව් ටයිම් එක අඩු උනද ෆ්රෙන්ඩ්ස් circle එකට ජයනී, නිශාදී ඇන්ඩ් පවිත්රා👧👧👧👧 ඇඩ් උන නිසා ඒකෙ එච්චරම අව්ලක් උනේ නැත. කොහොමත් ෆී උනා නන් එයාලා අපේ පංතියේය. නැත්නං මං ඒකේය. 🤣🤣🤣🤣🤣🤣 


ඒ ලෙවල් මතකවල ජොලිම එව්වා තිබුනේ නිස්සංක සර්ගේ බයො ක්ලාස් එකෙය. ඒකට කොච්චර ආසාවෙන් ගියාද කීවොත් උපන්තේකට පලවෙනි පෝලිමෙන් එහා පෝලිමක අපි ඉදගත්තේ නැත. 😎. ( ඒකට ගිය ඈයො දන්නවා ඒ ක්ලාස් එකේ තිබ්බ මෙව්වා එක🤪🤪🤪) . පිසිස් ක්ලාස් එකේදී විතරක් අචිනිව මිස් උන අතර අනික් එව්වා හැම එක්කම ඈ හිටියේ මට එහායින්ය. අවුරුදු 20 ක් ගියද අපිට තවම අපිව එපා වෙලා නැත. 🤪🤪🤪🤪. අදටත් ඒ යාලුකම බ්ංදුවක්වත් අඩු වීද නැත. ( පොඩි පොඩි වලි ගිහින් තියෙනවා ඉතින්, එව්වා කව්ද අප්පා ගනන් ගන්නේ😎 ) 😆😆😆😆


ඉතින් කොහොමහරි ඈ අද බැන්දාය. අද උදේ වෙනකල්ම අම්මවයි අප්පච්චිවයි දාලා යන්න බෑ චතූ 😓, මට බදින්න බෑ බෑ ගෑවත් ඉතින් අන්තිමේ ඈ බැන්දාය. 💍💍🤪🤪🤪🤪. . ( මොනා උනත් අර තඩි, ලස්සන, හරිම සුවද බොකේ එක 🌸🌼🌷 උස්සන් දවසම හිටියට මනමාලිට වෙනම සම්මානයක් දෙන්ඩ වටිනව ඈඈහ්හ්හ් 😆 ) .


යන්ඩ යන වෙලාවේ අම්මා අප්පච්චී බදාගෙන ඇඩූ කදුලින් ඈ එලියට ගියාය. අන්තිමේ මේකප් කැලේය. ඒ උනත් ඒ කදුලුවල වටිනාකම ඊට වැඩිය.😊 අචිනිගේ අම්මා අන්තිමේ අපිව බදාගෙන කීවේ මෙච්චරය. "අනේ පුතේ දැන් හවසට ගෙදර ගියාම අප්පච්චීයි මායි තනියම" 😓😓😓.

ඉතින්,,,,

අචිනී 👰 , මලින් අයියා🧔 ඔයාලට සුබ මංගලම්

Thursday, May 30, 2019

❤️ අම්මි ❤️


අම්මී කියන්නේ දෙමලෙන් මිරිස් ගලට. අම්මි කියන්ඩ එපා. අම්මා කියන්ඩ. ඉස්සර ඉස්කෝලේ හිටිය බටු පන්ඩිත කෙල්ලන් එහෙම කීවා මට තවමත් මතකය. ඕකේ ඇත්ත නැත්ත මං අදටත් දන්නේ නැත. ඒත් ඒක එහෙමයි කියා කියන නම වෙනස් කරේද නැත.🤪🤪🤪. අද ඉතින් ඈගේ උපන්දිනයයි. ගොඩ දවසකින් පසු මේ ලියන්නේ ඈ වෙනුවෙනි.


මා ලැබෙන්නට බඩේ හිටිය දිනයේ සිට අද වෙනකල් උනු දේවල් ඈ වෙලාවකට සිහි කරයි. ඒවා හැමවිටම හරි ආසා හිතෙන කතා ය. ගොඩක් කතා වල තියෙන්නේ මගෙ පන්ඩිත වැඩ සහ කතා බව සැබෑය. ඒත් ඉතින් මට මං ගැනම ලැජ්ජා හිතුනද එව්වා අහනකොට හරි ජොලිය. හිතෙනව එතකොටනන් "අඩේ මං ඒ කාලෙත් හෙන පන්ඩිත කෙලි පැටික්කියෙක්නෙ 😎😎😎😎😍😍😍!!!!!!!" 


ඔය මොක ජොලි, ආදරේ හිතෙන දේවල් අස්සේ ඈ මා එක්කත්, මා ඈ එක්කත් රන්ඩු වූ, තරහ වූ දවස් බොහෝය.ඉස්සර ඉදන්ම මං හරි හොද දරුවෙකි. මං නරක් උනේ අපේ නංගා නිසාය. (දැන් ඉතින් කියයි නෑ කියල 🤪🤣🤣🤣). නංගා ලැබුනු පසු මං අක්කී තනතුරට ලැබූ උසස් වීම මෙයට ප්රදාන හේතුව බව මගේ හැගීමයි. මොකද ඉතින් එතකොට ඔක්කොම සැලකිලි පොඩී පොඩී කියල එයාටනේ. 🙄. ඇන්ඩ් ඕල්සෝ, තමන්ගේ තැන රැකගන්ඩ රන්ඩු යනවනේ කොහොමත්. 🤣🤣


කොහොම උනත් මං අම්මගෙන් මතක හිටින විදිහේ ගුටි එකකුයි (මෙයට නංගීගේ සහ මගේ රන්ඩු වලට කෑව පොඩි පොඩි ගුටි ගනන් බලා නැති බව සලකන්න.), බැනුම් කෝටි විසි තිස් ලක්ශයකුයි ( ගොඩක්ම පාඩං කරන් නැතුව නිදියපු එව්වට තමා.) ලබා තිබේ. ඈ කොහොම නමුත් හරිම සාදාරන විදියට අපේ රන්ඩු විසදුවාය. නංගාගෙයි මගෙයි වලි ඉවර කලේ දෙන්නටම ගුටි ගැසූ පසුවය. 😆😆😆😆😆.මේ කාලයටම දරුනු ගනයේ වලි නන් දෙක තුනක්ම ගිහින් තිබේ. 🤣🤣🤣. කොහොම උනත් ඇගේ තරහ ස්ප්රයිට් එකක් හොලවලා ඇරියා වගේය. පුෆ්ෆ්ෆ්ෆ් .... 😆😆😆. විනාඩියෙන් කූල් ඩවුන් වේ. හව්එවර්, ඈට අපි නැතුව බැරිය. අපිට ඈ නැතුව බැරිය. අපි අතර ප්රේමය එච්චරටම දරුනුය. 😍😍😍❤️❤️❤️❤️❤️


ඉතින් මේ අවුරුදු පනස් දෙකට ඇයට ලැබුනු හොදම දේවල් දෙකක් තිබේ. එක අති පන්ඩිත, කම්මැලි, ලස්සන ලොකු දුවකුත්, අනික ඉංජිනේරු, බ්රයිට්, පොඩ්ඩක් විතර ලස්සන🤪🤪 පොඩි දුවකුත් ය. ඔය දෙකට ඇගේ පපුවේ උතුරන සෙනෙහස හාරා බලන්ට අවශ්ය නැත. ඔබේද මගේද කියා වෙනසක් නැත.අම්මලා කොහොමත් දරුවන්ට එහෙමය. 😍


ඉතින්, තවත් දුර නොලියමි. ඈ මිරිස් ගලක් නන් ඇගේ ප්රියතම සම්බෝලය මම බව ඔබට කියමි.

Wednesday, April 24, 2019

හැපි බර්ත් ඩේ ටූ මී



ලෝකයේ දරාගැනීමට අපහසුයැයි
නම් දරා තිබෙන වේදනාවක්
අම්මාට උරුම කර
ඒ අදුරු සිර කුටියෙන්
එලියට විත්
අදට වසර 27 යි.


අද මාගේ 27 වන හැපි බර්ත් ඩේ එකය. . මේ මාසේ කොච්චර විස් යූ ද සේම් කීවත් අද ඒක කියන්ඩ බැරිය. තෑන්ක්ස් අනේ විතරය. අම්මාට අනුව නන් මේ දූ කුමරිය තවම ඉපදී නැත. තවම හොස්පිටල් එකේ ඇදක අම්මා අමාරුවෙන් ඉන්න වෙලාවලු. ඉපදිලා තීන්නෙ මහ දවාලකලුනේ. හැබැයි ඉතින් ඉපදුන වෙලාවෙ තිඋනු ඉරේ රස්නේ මගෙත් තීනවලු. මොකද 84000 ඒවා දෙක තුනක්ම යනවනේ තරහ එන වෙලාවල්වලට.
අනේ ලොකු දුව, හම්බෙන්න ලන් වෙනකොට ඉදගෙනවත් ඉන්න බෑ. මන් මුලු වාට්ටුවෙම ඇවිද ඇවිද හිටියා. ඒ මතක ආවර්ජනය අම්මාගේ ය. . අපි හින්දා කොච්චර අමාරුකම් දරාගෙන ඉන්න ඇද්ද. කොච්චර කෑම වේල් ගානක් කාලා නැතුව ඇද්ද. තව ජීවිතේ අම්මා ආස දේවල් අම්මට කොච්චර මග ඇරිලා ඇද්ද. එව්වා නන් හරිම පව් අප්පාහ්.

කොහොම හරි මං ඉපදුනා කියමුකෝ. ඒ නෝටි දුවට වැඩි කාලයක් දුව තනතුරේ වැජබෙන්ඩ බැරි කරේ අපේ නංගාය. ඒ ගොබ්බී ආ දවසේ ඉදන් මං අක්කී වූ අතර ඌ නංගා විය. . හව් එවර් මගේ ගුට් කෑමේ සම්බාවිතාව වැඩි උනෙත් ඕකි හන්දා ය . කවදාවත් අපේ රන්ඩු මහ ලොකු දේවල් බෙදා ගන්ඩ නොවීය. ලොකුම රන්ඩු ගියේ රෑට අම්මා ගාව නිදාගන්ඩ ය. . මං ලොකු එකා වීමේ වරදට නංගාට අම්මා ගාව නිදාගන්ඩ දීලා මට උරුම ඌයේ බිත්තියේ අයිනය. මේ අවනඩුව විසදන්ඩ බැරි වූ නිසා මන් අම්මා ගාව නිදා ගැනීමේ ශෙඩූල් එකක් සෑදුවෙමි. ඒක ෆලෝ කිරීම මේ ගල් ඉබ්බී ශේප් එකේ මග ඇරිය නිසා වසර ගානක අසාර්තක ප්‍රයත්නයකින් පසුව මං 6, 7 වසරට එන විට ගෙදර වෙන කාමරයකට මගේ මල්-මල් බදා කොට්ටයද රැගෙන ශිෆ්ට් උනෙමි.

අනෙක් වර්ගයේ රන්ඩු ඇති වූයේ ගල් සියබලා, රට නෙල්ලි ආදී පලතුරු සමයටය. අප්පච්චී ගල් සියබලා කාලෙට හැමදම හවසට ගෙදර එන්නේ ගල් සියබලා මල්ලක් උස්සගෙනය. කලින් දවසේ අපි දෙන්නා රන්ඩු උනා නන් ඔය මලු ගනන බොහෝ විට දෙකක් වෙයි. මලු දෙකක් ගෙනාවිට රන්ඩු වැඩි ලොකු මල්ල තෝරා ගැනීමට හෝ ගත්ත ලොකු මල්ලේ පනුවෝ ඉන්න එව්වා වැඩියෙන් තිබුනොත් ය. එතකොට නන් ඒකමතික තීරනෙන් මලු දෙකම සාලේ මේසේ උඩකට හෝ සැටියට හලා එක ගල් සියබලාව බැගින් ගනන් කර දෙකට බෙදා කෑවෙමු. ( මෙහෙම එව්වා තව ගෙවල් වල උනා නන් කොමෙන්ට් එකක් දාන්න ඇහ් . මොකද එතකොට අම්මාට අප්පච්චීට එව්වා පෙන්නා එහෙම ගෙවල් තව තිබුනා යැයි කී හැකිනේ. ) හැබැයි ඉතින් එව්වෑ කෑ පසු දිව මැදිලා වෙන මුකුත් කටේ තියන්ඩ බැරි බව දැන දැනත් පොර කාලා මොකට කෑවද කියලා මා අදටත් කල්පනා කරමි.

මට පොඩි කාලේ තිබුනු අදුරු මතක අතර තව ඇත්තේ අපෙ අම්මා මටයි නංගීටයි එකම විදිහේ ඇදුම් අන්දාගෙන ගමන් යාමයි. මේ මට පේන්ඩම බැරි දෙයකි. චූටි අම්මා එක පාරක් නංගාටයි මටයි එකම වර්ගයේ ටී-සට් දෙකක් ගෙනැවිත් තිබිනි. ඕක ඉතින් අම්මා අපි දෙන්නට අන්දවගෙන ගමනක් ගියා කියමුකෝ. මගදි අම්මා දන්න කව්දෝ හම්බෙලා අහනවා අනේ මේ ටුවීන්ස්ලා ද කියල. . ඒ සිද්දිය මේ එකම විදිහේ ඇදුම් අදින නාඩගම මට තවත් එපා කරවීය. . මන් ඒත් එදා හිතින් බැන්නත් එක්ක. මේ ඇන්ටිගේ ඇස් පොට්ටද අනේ??

ඉස්සර ඉදන් මං කැහුට්ටියෙක් උනත් මගේ අකුරු බෝල ගෙඩි වගේය. නෝට්ස් පිලිවෙලය. ඒ නිසා ගොඩක් ඈයෝ මගේ පොත් වලින් පාඩම් කර ඇත. .මේ අවුරුදු ගානටම දෙවංගියක් විතර තරහෙන් පුපුරා ඉවසගන්ඩම බැරි වී දෙන්නෙක්ට බැනලා ඇත. ( මේ ගනන් පව්ලෙන් පිට අය ගැනය. , අරවා නන් ගනන් හිලව් තියාගෙන නැත. )

ඕන් අප්පා දැන් නන් ඉතින් ලොකු දුව ඇත්තටම ලොකු ය. අවුරුදුම 27 කි. 25 න් පස්සේ නන් බ‍ර්ත් ඩේ එනවිට දැං නාකි වෙන්ඩ යන්නේ යන හැගීම හිතට ආවා මතකය. හුම්ම්ම්. 30 ට තව 3 ඉ අඩු !!!!! .

අචිනී ටයිඩ් ද knot 👰❤️

මාත් එක්ක අවුරුදු 20 ක් එහා පුටුවේ වාඩි වෙලා හිටි එකීගේ මගුල අද ය. ඈ අචිනිය. චූටි කාලේ අපි ඈ ඇමතූ නික් නේම් එක අච්චාරුය. පස්සේ ඒක අ...