Friday, April 12, 2019

අම්මාගේ කැවුම් ඉවිල්ල



පාට්1#මුංකැවුම්


කැවුම් ඉවිල්ලත් මහ පුදුමාකාර දෙයකි. අම්මාගේ කැවුම් ඉවිල්ල ඊටත් වඩා පුදුමාකාරය. කැවුම් උයන්ඩ පටන් ගත් වෙලේ ඉදන්, ලොකු දුව අරක කරන්නඩ, මේක කරන්ඩ, ඕක ඉක්මනට කරන්ඩ,නැත්තන් වෙලා යනවා, බ්ලආ බ්ලා බ්ලා...... එක්සෙට්රා....
 
අම්මාට අනුව මුං කැවුම් කොට වෙන්ඩ බැරිය, දිග, සහ මහත විය යුතුය, නැත්තන් හැඩ නැති කැවුම් කැපුවා කියා ඒ කැවුම් බෙදන ගානේ බැනුම් ඇහීමට ලෑස්ති විය යුතුය. මට නන් හිතෙන්නේ කැවුම් කපන කෙනාගෙ අන්ග ලස්සන කැවුම් වලටත් පිහින බවය. මන් කපන එව්වා දිගය. කෙට්ටුය,🤣🤣🤣 ඒ උනාට අම්මාට ඕනෙ දිග මහත කැවුම් ය. (හයි එක්ස්පෙක්ටේශන්ස් 🤪🤪🤪🤪) මේ වැඩේ කොරන්ඩ බැරි නිසා කැවුම් අනා දී පැත්තකට වී සිටීම ඇගට ගුණය..🤣🤣🤣


(අතුරු කතාව 1- මේ ටිකේ නංගා ගෙදර නැත. ඈ රටට විදුලිය සැපයීමට නොරොච්චෝලේ ගොස් ය. නංගාගේ කැවුම් කැපීම මගේ කැවුම් කැපීමේ අහලකින් වත් තියන්ඩත බැයිලු. එව්වා එච්චරකට ලස්සනලු ) නංගාගේ හිත සුව පිනිස පෝස්ට් එක එඩිට් කලෙමි 🤣🤣🤣

කැවුම් කැපුවා කියමුකෝ. ඒට පස්සේ එව්වා බදින නැකත උදා වෙයි.
 
අතුරු කතාව 2- හැමෝම දන්නා පරිදි ඉස්සර ඉස්කෝලේ ගිහින් ඇවිත් පෙටිකෝට් එක පිටින් අම්මාට දවසේ විස්තර කියන කාලයක් කෙල්ලන් වෙන අපි හැමෝටම තිබිනි. පස්සේ ඉතින් වැඩ් වෙන වැඩ එක්ක හැමදාම නොඋනත් මේ වගේ කාලෙක හම්බෙන නිවාඩු පාඩුවේ අපේ කටවල් ඇරෙන්නේ අම්මාට කියන්ඩ තියෙන ඇරියස් කතා ටික කියන්ඩය.

තාච්චියට තෙල් දාන වෙලාවේ මේ මොන වැදගත් කතාව, ඕපාදූපය උනත් නවත්තා කට පරිස්සන් කරගෙන සිටිය යුතුය. ( සිරිතක් ලෙස අපේ පැරැන්නෝ කැවුම් බැදීම සදහා තාච්චියට තෙල් දමන වෙලාවේ නිස්සද්දව සිටිනවාලු). නැත්තන් බැරි වෙලාවත් බදින කැවුම් අබ්ලික් උනොත් ඒකේ වගකීම බාරගන්ඩ ලෑස්ති වී සිටිය යුතුය. 🤣🤣🤣🤣🤣.

මුල් කැවුම් පහ හය බැදුනු විට අම්මා මුලින්ම කරන්නේ එහි කොලිට් චෙක් කිරීමය. කහ මදිද? කැවුම කැඩිලා නෑ නේද, ලස්සනයි නේ? කැවුමේ ඇගිලි පාර හිටල නේද? රැලි නැත්තන් කැවුම හැඩ නෑ යනාදී මෙකී නොකී හැම ප්රස්නයකටම ඇසිස්ටන්ට් කොලිට් සුපර්වයිසර් වසයෙන් උත්තර දීමට ඇස් කන් නාස ඇරගෙන සිටිය යුතුය. මේ ඉහත දැක්වූ එකම නිර්නායකයක් හෝ අවුල් ගියහොත් පැනි දමා ඇනීම, පේස්ට් එකට කහ එකතු කිරීම යනාදී මොකක් හෝ කිරීමට අම්මාට අවස් දේවල් සපයා දිය යුතුය. ඉස්සර නන් කැවුම් හැදුවේ අපේ කිරි අම්මාය. දැන් ඈ වයසය. එක තැන ගොඩ වෙලාවක් ඉදගෙන සිටීමට බැරිය. ඉස්සර මේ ඩියුටි කෙරුවේ අපෙ අම්මාය. කිරි අම්මාගේ ශිෆ්ට් වීමත් සමග මන් දැන් අම්මාගේ ඇසිස්ටන්ට් ය. 🤪🤪🤪🤪
 
කොහොම උනත් අම්මා එක්ක කැවුම් හදන විට ඈට මතකයට එන්නේ ඉස්සර කතාය. අපි පොඩි කාලෙ එව්වාහ්!!!! . 😍😍 . කට්ටියක් එක්ක මේ කාලේ කැවුම් හැදීමට එකතු වූවොත් පොඩි කාලේ කල බක පන්ඩිත වැඩ, බක පන්ඩිත කතා සේරම එලි වෙන්නේය. එතකොට නන් සෑහෙන්න විලිලැජ්ජාවක් ඇතිවීම සිද්ද වේ. 🤣🤣🤣
අවසානයේ කිව යුතු වන්නේ කොහොම උනත් මේ කැවුම් බැදීම පරම්පරා ගානක් තව ඉස්සරහට යාවි, අම්මලා, කිරි අම්මලා සීනියර් තනතුරු වලට පත් වෙන විට අපිට ඇසිස්ටන්ට්ලා එන කාලෙකුත් තියෙවි. එතකොට අපිටත් වැඩ ගන්ඩ බැරියැ නේහ්??

අන්තිමේ එහෙනන් ඉතින් ආයුබොවන්ඩ,
 හැමෝටම සාමය, සතුට, සෞභාග්යය පිරි, ජොබ් ලැබෙන, පඩි වැඩි වෙන, නිවාඩු ගන්ඩ පුලුවන් වෙන, මහතයි කීලා ජිම් යන අයට කෙට්ටු වෙන්ඩ පුලුවන්,ගෑනු ලමයි ටික තව ගොඩක් ලස්සන වෙන, පිරිම ලමයි ටික තව හැන්ඩ්සොම් වෙන, එකී මෙකී නොකී සියලු ප්රාර්තන හැබෑ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

No comments:

Post a Comment

අචිනී ටයිඩ් ද knot 👰❤️

මාත් එක්ක අවුරුදු 20 ක් එහා පුටුවේ වාඩි වෙලා හිටි එකීගේ මගුල අද ය. ඈ අචිනිය. චූටි කාලේ අපි ඈ ඇමතූ නික් නේම් එක අච්චාරුය. පස්සේ ඒක අ...