ලෝකයේ දරාගැනීමට අපහසුයැයි
නම් දරා තිබෙන වේදනාවක්
අම්මාට උරුම කර
ඒ අදුරු සිර කුටියෙන්
එලියට විත්
අදට වසර 27 යි.
අද මාගේ 27 වන හැපි බර්ත් ඩේ එකය. . මේ මාසේ කොච්චර විස් යූ ද සේම් කීවත් අද ඒක කියන්ඩ බැරිය. තෑන්ක්ස් අනේ විතරය. අම්මාට අනුව නන් මේ දූ කුමරිය තවම ඉපදී නැත. තවම හොස්පිටල් එකේ ඇදක අම්මා අමාරුවෙන් ඉන්න වෙලාවලු. ඉපදිලා තීන්නෙ මහ දවාලකලුනේ. හැබැයි ඉතින් ඉපදුන වෙලාවෙ තිඋනු ඉරේ රස්නේ මගෙත් තීනවලු. මොකද 84000 ඒවා දෙක තුනක්ම යනවනේ තරහ එන වෙලාවල්වලට.
අනේ ලොකු දුව, හම්බෙන්න ලන් වෙනකොට ඉදගෙනවත් ඉන්න බෑ. මන් මුලු වාට්ටුවෙම ඇවිද ඇවිද හිටියා. ඒ මතක ආවර්ජනය අම්මාගේ ය. . අපි හින්දා කොච්චර අමාරුකම් දරාගෙන ඉන්න ඇද්ද. කොච්චර කෑම වේල් ගානක් කාලා නැතුව ඇද්ද. තව ජීවිතේ අම්මා ආස දේවල් අම්මට කොච්චර මග ඇරිලා ඇද්ද. එව්වා නන් හරිම පව් අප්පාහ්.
කොහොම හරි මං ඉපදුනා කියමුකෝ. ඒ නෝටි දුවට වැඩි කාලයක් දුව තනතුරේ වැජබෙන්ඩ බැරි කරේ අපේ නංගාය. ඒ ගොබ්බී ආ දවසේ ඉදන් මං අක්කී වූ අතර ඌ නංගා විය. . හව් එවර් මගේ ගුට් කෑමේ සම්බාවිතාව වැඩි උනෙත් ඕකි හන්දා ය . කවදාවත් අපේ රන්ඩු මහ ලොකු දේවල් බෙදා ගන්ඩ නොවීය. ලොකුම රන්ඩු ගියේ රෑට අම්මා ගාව නිදාගන්ඩ ය. . මං ලොකු එකා වීමේ වරදට නංගාට අම්මා ගාව නිදාගන්ඩ දීලා මට උරුම ඌයේ බිත්තියේ අයිනය. මේ අවනඩුව විසදන්ඩ බැරි වූ නිසා මන් අම්මා ගාව නිදා ගැනීමේ ශෙඩූල් එකක් සෑදුවෙමි. ඒක ෆලෝ කිරීම මේ ගල් ඉබ්බී ශේප් එකේ මග ඇරිය නිසා වසර ගානක අසාර්තක ප්‍රයත්නයකින් පසුව මං 6, 7 වසරට එන විට ගෙදර වෙන කාමරයකට මගේ මල්-මල් බදා කොට්ටයද රැගෙන ශිෆ්ට් උනෙමි.
අනෙක් වර්ගයේ රන්ඩු ඇති වූයේ ගල් සියබලා, රට නෙල්ලි ආදී පලතුරු සමයටය. අප්පච්චී ගල් සියබලා කාලෙට හැමදම හවසට ගෙදර එන්නේ ගල් සියබලා මල්ලක් උස්සගෙනය. කලින් දවසේ අපි දෙන්නා රන්ඩු උනා නන් ඔය මලු ගනන බොහෝ විට දෙකක් වෙයි. මලු දෙකක් ගෙනාවිට රන්ඩු වැඩි ලොකු මල්ල තෝරා ගැනීමට හෝ ගත්ත ලොකු මල්ලේ පනුවෝ ඉන්න එව්වා වැඩියෙන් තිබුනොත් ය. එතකොට නන් ඒකමතික තීරනෙන් මලු දෙකම සාලේ මේසේ උඩකට හෝ සැටියට හලා එක ගල් සියබලාව බැගින් ගනන් කර දෙකට බෙදා කෑවෙමු. ( මෙහෙම එව්වා තව ගෙවල් වල උනා නන් කොමෙන්ට් එකක් දාන්න ඇහ් . මොකද එතකොට අම්මාට අප්පච්චීට එව්වා පෙන්නා එහෙම ගෙවල් තව තිබුනා යැයි කී හැකිනේ. ) හැබැයි ඉතින් එව්වෑ කෑ පසු දිව මැදිලා වෙන මුකුත් කටේ තියන්ඩ බැරි බව දැන දැනත් පොර කාලා මොකට කෑවද කියලා මා අදටත් කල්පනා කරමි.
මට පොඩි කාලේ තිබුනු අදුරු මතක අතර තව ඇත්තේ අපෙ අම්මා මටයි නංගීටයි එකම විදිහේ ඇදුම් අන්දාගෙන ගමන් යාමයි. මේ මට පේන්ඩම බැරි දෙයකි. චූටි අම්මා එක පාරක් නංගාටයි මටයි එකම වර්ගයේ ටී-සට් දෙකක් ගෙනැවිත් තිබිනි. ඕක ඉතින් අම්මා අපි දෙන්නට අන්දවගෙන ගමනක් ගියා කියමුකෝ. මගදි අම්මා දන්න කව්දෝ හම්බෙලා අහනවා අනේ මේ ටුවීන්ස්ලා ද කියල. . ඒ සිද්දිය මේ එකම විදිහේ ඇදුම් අදින නාඩගම මට තවත් එපා කරවීය. . මන් ඒත් එදා හිතින් බැන්නත් එක්ක. මේ ඇන්ටිගේ ඇස් පොට්ටද අනේ??
ඉස්සර ඉදන් මං කැහුට්ටියෙක් උනත් මගේ අකුරු බෝල ගෙඩි වගේය. නෝට්ස් පිලිවෙලය. ඒ නිසා ගොඩක් ඈයෝ මගේ පොත් වලින් පාඩම් කර ඇත. .මේ අවුරුදු ගානටම දෙවංගියක් විතර තරහෙන් පුපුරා ඉවසගන්ඩම බැරි වී දෙන්නෙක්ට බැනලා ඇත. ( මේ ගනන් පව්ලෙන් පිට අය ගැනය. , අරවා නන් ගනන් හිලව් තියාගෙන නැත. )
ඕන් අප්පා දැන් නන් ඉතින් ලොකු දුව ඇත්තටම ලොකු ය. අවුරුදුම 27 කි. 25 න් පස්සේ නන් බර්ත් ඩේ එනවිට දැං නාකි වෙන්ඩ යන්නේ යන හැගීම හිතට ආවා මතකය. හුම්ම්ම්. 30 ට තව 3 ඉ අඩු !!!!! .

No comments:
Post a Comment