Wednesday, April 24, 2019

හැපි බර්ත් ඩේ ටූ මී



ලෝකයේ දරාගැනීමට අපහසුයැයි
නම් දරා තිබෙන වේදනාවක්
අම්මාට උරුම කර
ඒ අදුරු සිර කුටියෙන්
එලියට විත්
අදට වසර 27 යි.


අද මාගේ 27 වන හැපි බර්ත් ඩේ එකය. . මේ මාසේ කොච්චර විස් යූ ද සේම් කීවත් අද ඒක කියන්ඩ බැරිය. තෑන්ක්ස් අනේ විතරය. අම්මාට අනුව නන් මේ දූ කුමරිය තවම ඉපදී නැත. තවම හොස්පිටල් එකේ ඇදක අම්මා අමාරුවෙන් ඉන්න වෙලාවලු. ඉපදිලා තීන්නෙ මහ දවාලකලුනේ. හැබැයි ඉතින් ඉපදුන වෙලාවෙ තිඋනු ඉරේ රස්නේ මගෙත් තීනවලු. මොකද 84000 ඒවා දෙක තුනක්ම යනවනේ තරහ එන වෙලාවල්වලට.
අනේ ලොකු දුව, හම්බෙන්න ලන් වෙනකොට ඉදගෙනවත් ඉන්න බෑ. මන් මුලු වාට්ටුවෙම ඇවිද ඇවිද හිටියා. ඒ මතක ආවර්ජනය අම්මාගේ ය. . අපි හින්දා කොච්චර අමාරුකම් දරාගෙන ඉන්න ඇද්ද. කොච්චර කෑම වේල් ගානක් කාලා නැතුව ඇද්ද. තව ජීවිතේ අම්මා ආස දේවල් අම්මට කොච්චර මග ඇරිලා ඇද්ද. එව්වා නන් හරිම පව් අප්පාහ්.

කොහොම හරි මං ඉපදුනා කියමුකෝ. ඒ නෝටි දුවට වැඩි කාලයක් දුව තනතුරේ වැජබෙන්ඩ බැරි කරේ අපේ නංගාය. ඒ ගොබ්බී ආ දවසේ ඉදන් මං අක්කී වූ අතර ඌ නංගා විය. . හව් එවර් මගේ ගුට් කෑමේ සම්බාවිතාව වැඩි උනෙත් ඕකි හන්දා ය . කවදාවත් අපේ රන්ඩු මහ ලොකු දේවල් බෙදා ගන්ඩ නොවීය. ලොකුම රන්ඩු ගියේ රෑට අම්මා ගාව නිදාගන්ඩ ය. . මං ලොකු එකා වීමේ වරදට නංගාට අම්මා ගාව නිදාගන්ඩ දීලා මට උරුම ඌයේ බිත්තියේ අයිනය. මේ අවනඩුව විසදන්ඩ බැරි වූ නිසා මන් අම්මා ගාව නිදා ගැනීමේ ශෙඩූල් එකක් සෑදුවෙමි. ඒක ෆලෝ කිරීම මේ ගල් ඉබ්බී ශේප් එකේ මග ඇරිය නිසා වසර ගානක අසාර්තක ප්‍රයත්නයකින් පසුව මං 6, 7 වසරට එන විට ගෙදර වෙන කාමරයකට මගේ මල්-මල් බදා කොට්ටයද රැගෙන ශිෆ්ට් උනෙමි.

අනෙක් වර්ගයේ රන්ඩු ඇති වූයේ ගල් සියබලා, රට නෙල්ලි ආදී පලතුරු සමයටය. අප්පච්චී ගල් සියබලා කාලෙට හැමදම හවසට ගෙදර එන්නේ ගල් සියබලා මල්ලක් උස්සගෙනය. කලින් දවසේ අපි දෙන්නා රන්ඩු උනා නන් ඔය මලු ගනන බොහෝ විට දෙකක් වෙයි. මලු දෙකක් ගෙනාවිට රන්ඩු වැඩි ලොකු මල්ල තෝරා ගැනීමට හෝ ගත්ත ලොකු මල්ලේ පනුවෝ ඉන්න එව්වා වැඩියෙන් තිබුනොත් ය. එතකොට නන් ඒකමතික තීරනෙන් මලු දෙකම සාලේ මේසේ උඩකට හෝ සැටියට හලා එක ගල් සියබලාව බැගින් ගනන් කර දෙකට බෙදා කෑවෙමු. ( මෙහෙම එව්වා තව ගෙවල් වල උනා නන් කොමෙන්ට් එකක් දාන්න ඇහ් . මොකද එතකොට අම්මාට අප්පච්චීට එව්වා පෙන්නා එහෙම ගෙවල් තව තිබුනා යැයි කී හැකිනේ. ) හැබැයි ඉතින් එව්වෑ කෑ පසු දිව මැදිලා වෙන මුකුත් කටේ තියන්ඩ බැරි බව දැන දැනත් පොර කාලා මොකට කෑවද කියලා මා අදටත් කල්පනා කරමි.

මට පොඩි කාලේ තිබුනු අදුරු මතක අතර තව ඇත්තේ අපෙ අම්මා මටයි නංගීටයි එකම විදිහේ ඇදුම් අන්දාගෙන ගමන් යාමයි. මේ මට පේන්ඩම බැරි දෙයකි. චූටි අම්මා එක පාරක් නංගාටයි මටයි එකම වර්ගයේ ටී-සට් දෙකක් ගෙනැවිත් තිබිනි. ඕක ඉතින් අම්මා අපි දෙන්නට අන්දවගෙන ගමනක් ගියා කියමුකෝ. මගදි අම්මා දන්න කව්දෝ හම්බෙලා අහනවා අනේ මේ ටුවීන්ස්ලා ද කියල. . ඒ සිද්දිය මේ එකම විදිහේ ඇදුම් අදින නාඩගම මට තවත් එපා කරවීය. . මන් ඒත් එදා හිතින් බැන්නත් එක්ක. මේ ඇන්ටිගේ ඇස් පොට්ටද අනේ??

ඉස්සර ඉදන් මං කැහුට්ටියෙක් උනත් මගේ අකුරු බෝල ගෙඩි වගේය. නෝට්ස් පිලිවෙලය. ඒ නිසා ගොඩක් ඈයෝ මගේ පොත් වලින් පාඩම් කර ඇත. .මේ අවුරුදු ගානටම දෙවංගියක් විතර තරහෙන් පුපුරා ඉවසගන්ඩම බැරි වී දෙන්නෙක්ට බැනලා ඇත. ( මේ ගනන් පව්ලෙන් පිට අය ගැනය. , අරවා නන් ගනන් හිලව් තියාගෙන නැත. )

ඕන් අප්පා දැන් නන් ඉතින් ලොකු දුව ඇත්තටම ලොකු ය. අවුරුදුම 27 කි. 25 න් පස්සේ නන් බ‍ර්ත් ඩේ එනවිට දැං නාකි වෙන්ඩ යන්නේ යන හැගීම හිතට ආවා මතකය. හුම්ම්ම්. 30 ට තව 3 ඉ අඩු !!!!! .

Friday, April 12, 2019

අම්මාගේ කැවුම් ඉවිල්ල



පාට්1#මුංකැවුම්


කැවුම් ඉවිල්ලත් මහ පුදුමාකාර දෙයකි. අම්මාගේ කැවුම් ඉවිල්ල ඊටත් වඩා පුදුමාකාරය. කැවුම් උයන්ඩ පටන් ගත් වෙලේ ඉදන්, ලොකු දුව අරක කරන්නඩ, මේක කරන්ඩ, ඕක ඉක්මනට කරන්ඩ,නැත්තන් වෙලා යනවා, බ්ලආ බ්ලා බ්ලා...... එක්සෙට්රා....
 
අම්මාට අනුව මුං කැවුම් කොට වෙන්ඩ බැරිය, දිග, සහ මහත විය යුතුය, නැත්තන් හැඩ නැති කැවුම් කැපුවා කියා ඒ කැවුම් බෙදන ගානේ බැනුම් ඇහීමට ලෑස්ති විය යුතුය. මට නන් හිතෙන්නේ කැවුම් කපන කෙනාගෙ අන්ග ලස්සන කැවුම් වලටත් පිහින බවය. මන් කපන එව්වා දිගය. කෙට්ටුය,🤣🤣🤣 ඒ උනාට අම්මාට ඕනෙ දිග මහත කැවුම් ය. (හයි එක්ස්පෙක්ටේශන්ස් 🤪🤪🤪🤪) මේ වැඩේ කොරන්ඩ බැරි නිසා කැවුම් අනා දී පැත්තකට වී සිටීම ඇගට ගුණය..🤣🤣🤣


(අතුරු කතාව 1- මේ ටිකේ නංගා ගෙදර නැත. ඈ රටට විදුලිය සැපයීමට නොරොච්චෝලේ ගොස් ය. නංගාගේ කැවුම් කැපීම මගේ කැවුම් කැපීමේ අහලකින් වත් තියන්ඩත බැයිලු. එව්වා එච්චරකට ලස්සනලු ) නංගාගේ හිත සුව පිනිස පෝස්ට් එක එඩිට් කලෙමි 🤣🤣🤣

කැවුම් කැපුවා කියමුකෝ. ඒට පස්සේ එව්වා බදින නැකත උදා වෙයි.
 
අතුරු කතාව 2- හැමෝම දන්නා පරිදි ඉස්සර ඉස්කෝලේ ගිහින් ඇවිත් පෙටිකෝට් එක පිටින් අම්මාට දවසේ විස්තර කියන කාලයක් කෙල්ලන් වෙන අපි හැමෝටම තිබිනි. පස්සේ ඉතින් වැඩ් වෙන වැඩ එක්ක හැමදාම නොඋනත් මේ වගේ කාලෙක හම්බෙන නිවාඩු පාඩුවේ අපේ කටවල් ඇරෙන්නේ අම්මාට කියන්ඩ තියෙන ඇරියස් කතා ටික කියන්ඩය.

තාච්චියට තෙල් දාන වෙලාවේ මේ මොන වැදගත් කතාව, ඕපාදූපය උනත් නවත්තා කට පරිස්සන් කරගෙන සිටිය යුතුය. ( සිරිතක් ලෙස අපේ පැරැන්නෝ කැවුම් බැදීම සදහා තාච්චියට තෙල් දමන වෙලාවේ නිස්සද්දව සිටිනවාලු). නැත්තන් බැරි වෙලාවත් බදින කැවුම් අබ්ලික් උනොත් ඒකේ වගකීම බාරගන්ඩ ලෑස්ති වී සිටිය යුතුය. 🤣🤣🤣🤣🤣.

මුල් කැවුම් පහ හය බැදුනු විට අම්මා මුලින්ම කරන්නේ එහි කොලිට් චෙක් කිරීමය. කහ මදිද? කැවුම කැඩිලා නෑ නේද, ලස්සනයි නේ? කැවුමේ ඇගිලි පාර හිටල නේද? රැලි නැත්තන් කැවුම හැඩ නෑ යනාදී මෙකී නොකී හැම ප්රස්නයකටම ඇසිස්ටන්ට් කොලිට් සුපර්වයිසර් වසයෙන් උත්තර දීමට ඇස් කන් නාස ඇරගෙන සිටිය යුතුය. මේ ඉහත දැක්වූ එකම නිර්නායකයක් හෝ අවුල් ගියහොත් පැනි දමා ඇනීම, පේස්ට් එකට කහ එකතු කිරීම යනාදී මොකක් හෝ කිරීමට අම්මාට අවස් දේවල් සපයා දිය යුතුය. ඉස්සර නන් කැවුම් හැදුවේ අපේ කිරි අම්මාය. දැන් ඈ වයසය. එක තැන ගොඩ වෙලාවක් ඉදගෙන සිටීමට බැරිය. ඉස්සර මේ ඩියුටි කෙරුවේ අපෙ අම්මාය. කිරි අම්මාගේ ශිෆ්ට් වීමත් සමග මන් දැන් අම්මාගේ ඇසිස්ටන්ට් ය. 🤪🤪🤪🤪
 
කොහොම උනත් අම්මා එක්ක කැවුම් හදන විට ඈට මතකයට එන්නේ ඉස්සර කතාය. අපි පොඩි කාලෙ එව්වාහ්!!!! . 😍😍 . කට්ටියක් එක්ක මේ කාලේ කැවුම් හැදීමට එකතු වූවොත් පොඩි කාලේ කල බක පන්ඩිත වැඩ, බක පන්ඩිත කතා සේරම එලි වෙන්නේය. එතකොට නන් සෑහෙන්න විලිලැජ්ජාවක් ඇතිවීම සිද්ද වේ. 🤣🤣🤣
අවසානයේ කිව යුතු වන්නේ කොහොම උනත් මේ කැවුම් බැදීම පරම්පරා ගානක් තව ඉස්සරහට යාවි, අම්මලා, කිරි අම්මලා සීනියර් තනතුරු වලට පත් වෙන විට අපිට ඇසිස්ටන්ට්ලා එන කාලෙකුත් තියෙවි. එතකොට අපිටත් වැඩ ගන්ඩ බැරියැ නේහ්??

අන්තිමේ එහෙනන් ඉතින් ආයුබොවන්ඩ,
 හැමෝටම සාමය, සතුට, සෞභාග්යය පිරි, ජොබ් ලැබෙන, පඩි වැඩි වෙන, නිවාඩු ගන්ඩ පුලුවන් වෙන, මහතයි කීලා ජිම් යන අයට කෙට්ටු වෙන්ඩ පුලුවන්,ගෑනු ලමයි ටික තව ගොඩක් ලස්සන වෙන, පිරිම ලමයි ටික තව හැන්ඩ්සොම් වෙන, එකී මෙකී නොකී සියලු ප්රාර්තන හැබෑ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

අචිනී ටයිඩ් ද knot 👰❤️

මාත් එක්ක අවුරුදු 20 ක් එහා පුටුවේ වාඩි වෙලා හිටි එකීගේ මගුල අද ය. ඈ අචිනිය. චූටි කාලේ අපි ඈ ඇමතූ නික් නේම් එක අච්චාරුය. පස්සේ ඒක අ...