අම්මී කියන්නේ දෙමලෙන් මිරිස්
ගලට. අම්මි කියන්ඩ එපා. අම්මා කියන්ඩ. ඉස්සර ඉස්කෝලේ හිටිය බටු පන්ඩිත කෙල්ලන් එහෙම කීවා මට තවමත් මතකය. ඕකේ ඇත්ත නැත්ත මං අදටත් දන්නේ නැත. ඒත් ඒක එහෙමයි කියා කියන නම වෙනස් කරේද නැත.🤪🤪🤪.
අද ඉතින් ඈගේ උපන්දිනයයි. ගොඩ දවසකින් පසු මේ ලියන්නේ ඈ වෙනුවෙනි.
මා ලැබෙන්නට බඩේ හිටිය දිනයේ
සිට අද වෙනකල් උනු දේවල් ඈ වෙලාවකට සිහි කරයි. ඒවා
හැමවිටම හරි ආසා හිතෙන කතා ය. ගොඩක් කතා වල තියෙන්නේ මගෙ පන්ඩිත වැඩ සහ කතා බව සැබෑය. ඒත් ඉතින් මට මං ගැනම ලැජ්ජා හිතුනද එව්වා අහනකොට හරි
ජොලිය. හිතෙනව එතකොටනන් "අඩේ මං ඒ කාලෙත් හෙන පන්ඩිත කෙලි පැටික්කියෙක්නෙ 😎😎😎😎😍😍😍!!!!!!!"
ඔය මොක ජොලි, ආදරේ හිතෙන දේවල් අස්සේ ඈ මා එක්කත්, මා ඈ එක්කත්
රන්ඩු වූ, තරහ වූ දවස් බොහෝය.ඉස්සර ඉදන්ම මං හරි හොද දරුවෙකි. මං නරක් උනේ අපේ නංගා නිසාය. (දැන් ඉතින්
කියයි නෑ කියල 🤪🤣🤣🤣). නංගා ලැබුනු
පසු මං අක්කී තනතුරට ලැබූ උසස් වීම මෙයට ප්රදාන හේතුව
බව මගේ හැගීමයි. මොකද ඉතින් එතකොට ඔක්කොම සැලකිලි පොඩී පොඩී කියල එයාටනේ. 🙄. ඇන්ඩ් ඕල්සෝ, තමන්ගේ තැන
රැකගන්ඩ රන්ඩු යනවනේ කොහොමත්. 🤣🤣
කොහොම උනත් මං අම්මගෙන් මතක
හිටින විදිහේ ගුටි එකකුයි (මෙයට නංගීගේ සහ මගේ රන්ඩු වලට කෑව පොඩි පොඩි ගුටි ගනන් බලා නැති බව සලකන්න.), බැනුම් කෝටි විසි තිස් ලක්ශයකුයි ( ගොඩක්ම
පාඩං කරන් නැතුව නිදියපු එව්වට තමා.) ලබා තිබේ. ඈ කොහොම නමුත් හරිම සාදාරන විදියට අපේ රන්ඩු විසදුවාය. නංගාගෙයි මගෙයි වලි ඉවර කලේ දෙන්නටම ගුටි ගැසූ පසුවය. 😆😆😆😆😆.මේ කාලයටම දරුනු ගනයේ වලි නන් දෙක තුනක්ම ගිහින් තිබේ. 🤣🤣🤣. කොහොම උනත් ඇගේ තරහ ස්ප්රයිට් එකක් හොලවලා ඇරියා වගේය. පුෆ්ෆ්ෆ්ෆ් .... 😆😆😆. විනාඩියෙන් කූල් ඩවුන් වේ. හව්එවර්, ඈට අපි නැතුව
බැරිය. අපිට ඈ නැතුව බැරිය. අපි අතර ප්රේමය එච්චරටම දරුනුය. 😍😍😍❤️❤️❤️❤️❤️.
ඉතින් මේ අවුරුදු පනස් දෙකට ඇයට
ලැබුනු හොදම දේවල් දෙකක් තිබේ. එක අති පන්ඩිත, කම්මැලි, ලස්සන ලොකු දුවකුත්, අනික ඉංජිනේරු, බ්රයිට්, පොඩ්ඩක් විතර ලස්සන🤪🤪 පොඩි දුවකුත් ය. ඔය දෙකට ඇගේ
පපුවේ උතුරන සෙනෙහස හාරා බලන්ට අවශ්ය නැත. ඔබේද
මගේද කියා වෙනසක් නැත.අම්මලා කොහොමත් දරුවන්ට එහෙමය. 😍
ඉතින්, තවත් දුර නොලියමි. ඈ මිරිස් ගලක් නන් ඇගේ ප්රියතම
සම්බෝලය මම බව ඔබට කියමි. ❤️